ඝනකම් කෙස් වැටියකට ගෙදරදීම සත්කාර..

0
11


සිනිඳු හිසකෙස් ඉක්මනින් හානියට පත් වෙනවා. ඒ නිසා ඝන හිසකෙස් වැටියකට අපි කවුරුත් කැමතියි. නමුත් මේ සඳහා විටමින් වර්ග සහ රූපලාවණ්‍ය ප්‍රතිකාර කරන්න අධික මුදලක් වැය වෙන්න පුලුවන්. ඒත් අපිට නිවසේ දී බොහොම සරල ප්‍රතිකාර මේ වෙනුවෙන් කරන්න පුලුවන්.

1. ඇපල් සයිඩර්

ඇපල් සයිඩර් හිස් කෙස් සම්බන්ධ ගැටළු වලට හොඳ විසඳුමක්.. ඇපල් විනාකිරි යෙදූ වතුරින් හොඳින් හිස් කබල සම්බාහනය කරන්න. ඒ මඟින් රුධිර සංසරණය උත්තේජනය කරනවා. හිසකෙස් වර්ධනය හා හිසකෙස් තුනී වීම වැලැක්වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂණය එයින් ලබා දෙනවා
කිසි විටෙකවත් විනාකිරි පමණක් හිස කෙස් මත ආලේප නොකරන්නත් මතක තබා ගන්න.

2.කෝමාරිකා

කෝමාරිකා කොළ කිහිපයක් ගෙන මදය සුරා හිස කෙස් කබලේ ආලේප කර සම්බාහනය කරන්න විනාඩි විස්සකින් සෝදා ඉවත් කරන්න. හිස කෙස් ඝනව වර්ධනය කර ගන්නත් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කර ගන්නත් කදිම විසඳුමක්.

3. එඬරු තෙල්

එඬරු තෙල් මගින් ඔලිව් තෙල් වලට සමානය පෝෂණයක් හිස කෙස් වලට ලබා දෙනවා. එඬරු තෙල් ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් එක්කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.

4.බිත්තර කහ මදය 

 බිත්තර කහ මදය හිස කෙස් සහ හිස් කබලේ ආලේප කර විනාඩි 20-25කින් සෝදා ඉවත් කරන්න.

5. දොඩම් හෝ ලෙමන් යුෂ 

ලෙමන් හෝ දොඩම් යුෂ හිසකෙස් මත ආලේප කර ටික වෙලාවකින් සෝදා හරින්න.
-නිබන්ධිකා-

The post ඝනකම් කෙස් වැටියකට ගෙදරදීම සත්කාර.. appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here