ගෝලීය උණුසුම සිදුවන වේගය අඩු කිරීමට මෙතෙක් අපොහොසත් වීම සම්බන්ධයෙන් ලොව පුරා රටවල පාලන තන්ත්රයන් විවේචනය කර ඇති ලියෝ පාප් වහන්සේ ගෝලීය උණුසුම මැඩලීම සඳහා ප්‍රබල ප්‍රතිචාරයක් දැක්විය යුතු බව අවධාරණය කර තිබේ. මෙම දිනවල බ්‍රසීලයේ බෙලමි නගරයේ පැවැත්වෙන 30 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව දෙවැනි සතියට අවතීරණ වන මොහොතේදී පාප් වහන්සේ විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
බ්‍රසීලයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වන ලොව පුරා රාජ්‍ය නායකයන් හා දේශගුණික විපර්යාස විශේෂඥයන් විසින් තමන් මුහුණ පා ඇති දේශගුණික විපර්යාසයන් සම්බන්ධ කටුක ගැටලු නියමිත කාලයට විසඳා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවකදී ලියෝ පාප් වහන්සේ විසින් කර ඇති මෙම ප්‍රකාශයෙන්, ජාත්‍යන්තරය විසින් ගෝලීය උණුසුම මර්දනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් වර්ධනය වන කනස්සල්ල පෙන්නුම් කෙරෙන බව විචාරකයෝ පවසා තිබේ.
Saru FM Media









