ගෝලීය අවදානම, දිට්වා සුළි කුණාටුව මැද ශ්‍රී ලංකාව පිළිබඳ අලුත්ම තොරතුරු මෙන්න – Saru News | සිංහල

0
2

මේ වනවිට පවතින ගෝලීය අවදානම් තත්වය සහ පසුගිය වසර අවසානයේ මුළු දිවයිනට ම බලපෑ දැවැන්ත ස්වාභාවික විනාශය මධ්‍යයේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් ආර්ථිකය අත්පත් කර ගනිමින් සිටින බව නවතම වාර්තාවකින් හෙළි කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දිට්වා කුණාටුවත් සමඟ මන්දගාමී වූ ආර්ථිකයේ සියළුම ක්ෂේත්‍ර ඉක්මනින් ම යථා තත්වයට පත් වූ බව ය. එය මෙම වසරේ දෙවන කාර්තුව වනවිට අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගනිමින් ඉදිරියට යනු ඇති බව ද පුරෝකථනය කර ඇත. ආර්ථිකයේ පවත්නා සියළු සාධක අනුව “ආර්ථික කටයුතුවල අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රධාන ආර්ථික දර්ශක මගින් පිළිබිඹු විය” යනුවෙන් එම වාර්තාවේ දක්වා තිබේ.

,

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here