Friday, May 2, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගෝල්ෆේස් පිටියේ NPP මැයි රැලියේ සැකමුසු ලෙස ඡායාරූප ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ගෝල්ෆේස් පිටියේ NPP මැයි රැලියේ සැකමුසු ලෙස ඡායාරූප ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

0
2


A person was arrested for taking suspicious photographs at the NPP May Day rally at the Gall Face grounds.

කොළඹ ගෝල්ෆේස් පිටියේ ජාතික ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ මැයි දින උත්සවයේ පීඨිකාව අනවසරයෙන් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (මැයි 1) උදෑසන අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනය හා ඔහු පැමිණි යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.


ලෝක කම්කරු දිනය සැමරීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලුමුවදොර පිටියේ සංවිධානය කර තිබූ මැයි දින රැලියට ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව තිබිණි.
සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකතනයෙන් පීඨිකාව, උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමග ම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දෙමෝදර, උඩුවර, නේපියර් පහළ කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක් බව ත් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය කර ගත් බව ත් පොලිසිය පවසයි.


පින්තාරුකරුවෙකු වශයෙන් රැකියාව කරන සැකකරු කිරුළපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි අයෙක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වයි.
පොලිසිය විසින් මෙම සැකකරු සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, ම


ෙවැනි අනවසර ක්‍රියාකාරකම් සම්බන්ධව ප්‍රවේශම් වන ලෙස මහජනතාවට උපදෙස් ලබා දී ඇත. විශේෂයෙන්ම රාජ්‍ය නායකයින් සහභාගී වන උත්සව අවස්ථාවලදී ආරක්ෂක පියවර තදින් ක්‍රියාත්මක වන බවත්, එවැනි අවස්ථාවලදී අනවසර ඡායාරූපකරණය සැක සහිත ක්‍රියාවක් ලෙස සැලකෙන බවත් පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත පවසා ඇත.
තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෝල්ෆේස් පිටියේ ආරක්ෂාව තවදුරටත් තර කරන බවත්, ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත උත්සව සඳහා විශේෂ ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ විසින් දන්වා ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here