ගෝල්ෆේස් එකේ කරක් ගහන ගමන් මේ ස්ට්‍රීට් ෆුඩ්ස් නොකා එන්නෙපා

0
17


ගෝල්ෆේස් කියන්නෙ කොළඹ අවට ඉන්න අය වගේම කොළඹට දුරින් ඉන්න අයත් නිතර යන එක තැනක්. ගෝල්ෆේස් එක විශේෂ වෙන හේතු කිහිපයක්ම තියෙනවා. අවට තියෙන විශාල වගේම අලුත් ගොඩනැගිලි, මුහුද, මුහුදු වෙරළ, වීදි ආහාර, තණ පිටිය වගේ ගොඩක් දේවල් කට්ටියට ගෝල්ෆේස් එන්නට හේතුවක් වෙනවා. අපි මේ කියන්න යන්නෙ අන්න ඒ ගෝල්ෆේස් එකට ආවම මගනොහැරගත යුතුම වීදි ආහාර කිහිපයක් ගැනයි.

 

1. ටේස්ට් රොටි

ටේස්ට් රොටි කියන්නෙ අපි දාගත්තු නමක්. ඒ නම ඒ විදියට දාගන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ඇත්තටම ඒ රොටියෙ තියෙන ටේස්ට් එක. පිටි සහ යීස්ට් රොටියක් වුනාට ඒ රොටිය ඒ වෙලාවෙ රත් කරලා දෙන නිසා ඒකෙ තියෙනව නියම ෆ්ලෆී ස්වභාවයක්. ඒ වගේම ඒක උඩින් ගාන සෝස් එක. ඒ සෝස් එක කඩේක ගන්න නැහැ කියල විශ්වාසයෙන් කියන්න පුළුවන් වෙන්නෙ ඒකෙ තියෙන යුනීක් රස නිසායි. ඒ දැවිල්ලත්, සෝසි ටෙක්ස්චර් එකට උඩින් අමු මිරිස් විසින් ඇති කරවන දැවිල්ල සහ කැරට් එක්ක ළූණු මිශ්‍රවෙලා ඇති කරන අමුතුම ක්‍රන්චි ගතිය නිසා මේ රොටිය රස නහර පිනවා යන සරළ කෑමක්. කන කටක් ගානෙ කෝක් උගුරක් එක්ක දිව සනහමින් රස විඳින්න කියාපු ස්ට්‍රීට් ෆුඩ් එකක් තමයි ටේස්ට් රොටි කියන්නෙ.

 

2. ග්‍රිල්ඩ් චිකන්

අති ප්‍රසිද්ධ ෆ්‍රැන්චයිස්වල ෆ්‍රයිඩ් චිකන්වලට වඩා ගෝල්ෆේස් නානාලගෙ කඩ පේලියෙන් ඕන කඩේක ඒ වෙලාවෙ ග්‍රිල් කරලා දෙන චිකන් එකේ නියම ගැම්මක් තියෙනවා. බොහොමයක් අවන්හල් ග්‍රිල් කරලා දෙන චිකන්වල මැද්දෙ පිටි ගතිය වැඩි වුනාට මේ කඩවලදි නම් මස් රස හොඳින් දැනෙන්න තීරු වෙන්වෙන ග්‍රිල්ඩ් චිකන් රස විඳින්න පුළුවන්. කොච්චර රස වුනත්, සුවඳ වුනත් මේ ග්‍රිල් එක ගාව වාඩි වුනොත් නං මූදු හුළඟත් පරද්දලා රස්නයක් ඔයාට දැනේවි.

 

3. වඩේ

Image Source -steemit.com

රොටි තියෙන වඩේ කරත්තෙ ඉස්සරහින්ම තැටි ගොන්නක දාපු වඩේ වර්ග රාශියක් තියෙනවා. ඒ අතරින් වැඩිපුරම ප්‍රසිද්ධ වඩේ ජාතිය තමයි ඉස්සො වඩේ. ඒ වගේම කන්න ලේසි අමුතුම ටෙක්ස්චර් එකක් දිවට දැනෙන කූනිස්සො වඩේ. ඒ වගේම කන්න ටිකක් අපහසු වුනත් අමාරුවෙන් කෑවොත් රස වැඩි කකුළුවො වඩේ. මේ වඩේ ජාති උඩිනුත් අර විදියටම ටේස්ට් සෝස් එක සහ කැරට් ළූණු මිශ්‍රණය වැටිලා තියෙනවා. කඩදාසියක් උඩින් තියලා දෙන වඩේ එකත් ඒ වෙලාවෙ තෙලට දාලා දෙන නිසා රස්නෙ ගතිය වැඩි වුනාට මොකද කන්න ගියාම අත පිච්චෙනවද, දිව පිච්චෙනවද කියල ගානක් නැති වෙන තරමටම රස ඉහළයි. දිවට සිහිලස දෙන්න ඕනනං වගේම රස වැඩි කරගන්න ඕනනං වඩේ අනුපානෙට කෝක් එකකුත් නියමෙට බ්ලෙන්ඩ් වෙන විත්තිය මතක් කරන්න ඕන.

 

4. නාන්

ෆ්ලෆී බ්‍රෙඩ් එකකින් යුතු නානාලගෙ කඩවල නාන් රොටිය නානාලගෙ නමට ළඟින් යන නිසාමද කොහෙද හරිම රසට තියෙනවා. ඒ වගේම නියම උකු ග්‍රේවි එක සහ කට්ට ගාවට වෙනකංම තුනපහ රස හොඳින් උරාගත්තු මස් කෑලි නිසා නාන් එකේ රස දෙගුණ තෙගුණ වෙනවා ෂුවර්. අනිත් එක නාන් කියන්නෙ ගෝල්ෆේස් එකේ තියෙන හුළඟ පිරි ගතියට, ඉර බැහැගෙන යන හැන්දෑවට, සෙනග පිරි අර්බන් ගතියට නියමෙට බ්ලෙන්ඩ් වෙන කෑමක්.

 

5. කොත්තු

Image Source tripadvisor.com

හොඳම දේ තියාගත්තා අන්තිමට. තෙතට ඕනනං තෙතට, සැරට ඕනනං සැරට, ඩ්‍රයි ගතියට නං ඒ විදියට කියලා ඉල්ලලා ගන්න පුළුවන් කොත්තු රොටිය තමයි මේ ලැයිස්තුවෙ තියෙන මග නොහැරිය යුතු දේ. හොඳ කොත්තුවක් කියලා කට්ටිය හඳුන්වන බොහෝ දේ මේ කොත්තුවෙ තියෙනවා. එළවලු යහ පදමට, මස් හොඳින් හැපෙන්න වගේම, ගාණත් අඩුවට තියෙන නිසා ගෝල්ෆේස් කොත්තුව කියන්නෙ මිස් නොකරගත යුතු එකක්. ඒ වගේම මේ කඩ පේළියෙන් වැඩිම රසක් තියෙනවා කියලා අපිට දැනුනෙ ටොයිනා නානාගෙ කොත්තු ජොයින්ට් එක. එතන කොත්තුව දාන කළු උස හාදයාගෙ තාලෙට වේගයෙන් වදින තැටි මියුසික් එකත් ඒ රස ඉහළ නංවන්න හේතුවක් වෙන්න ඇති. ඒ වගේම කොත්තුවක් එක්ක කවදාවත් මිස් කරගන්න හොඳ නැති කෝක් එකකුත් ළං කරගත්තා නං සැපේ කොත්තු කන්න තිබ්බා බ්‍රෝ.

 

The post ගෝල්ෆේස් එකේ කරක් ගහන ගමන් මේ ස්ට්‍රීට් ෆුඩ්ස් නොකා එන්නෙපා appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here