ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ සිටි සමයේ පිහිටුවන ලද රක්නා ආරක්ෂක ලංකා සමාගමට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව මුදල් යොදවා ඇති බව අනාවරණය වේ.
ඩියූ ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුතුව පැවති කෝප් කමිටුව 2013 ජූලි 23 වෙනි දින නිකුත් කළ වාර්තාවකින් මේ බව හෙළි වී ඇත. එම වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ “භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සමාගමේ මුදල් ආයෝජනය කිරීම පිළිබඳව මීට පෙර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී මතු කරන ලද කරුණු පිළිබඳව ප්‍රශ්න කරන ලදී” යනුවෙනි. එයට පිළිතුරු වශයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් කරුණු දක්වා ඇත්තේ පුද්ගලික සමාගමක් හේතුවෙන් මුදල් ආයෝජනයේ දී භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බව ය.
මේ සම්බන්ධ වැඩි විස්තර එම වාර්තාවේ සඳහන් නොවේ.
1
Saru News













