අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරුවරයකු සහ නීතිපතිවරයකු වන මොහාන් පීරිස් කැඳවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂට ලබන 13 වනදාත් හිටපු අගවිනිසුරුවරයකු සහ නීතිපතිවරයකු වන මොහාන් පීරිස්ට ලබන 16 වැනිදා මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ඔවුන් දෙදෙනා මෙලෙස කැඳවා ඇත්තේ, ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි වකවානුවේ කොළඹට නුදුරු ප්‍රදේශයක නිවාස සංකීර්ණයක නිවාස ගණනාවක් නීත්‍යනුකූල නොවන ආකාරයට කිහිප දෙනකුට ලබා දීමට නිර්දේශය දෙමින් ලිපි නිකුත් කිරීමට අදාළව ප්‍රකාශ ලබා ගැනීම යැයිද පැවසේ.
0
Saru News










