ආයුර්වේදයට අනුව පක්ව ගොඩපර හා අපක්ව ගොඩපර යනුවෙන් වර්ග දෙකක් ගැන සඳහන් වේ. පිපාසය, දැවිල්ල, ඇදුම, උණ, අතීසාර, මුඛ රෝග, හිස කෙස් ගැලවී යාම, හිස් හොරි, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ගොඩපර ශාකයේ කොළ, පොතු හා ගෙඩි භාවිතා කරයි. ගොඩපර වාතය සමනය කරන්න, සෙම සහ පිත වර්ධනය කරන, හෘදයට හිතකර, කෘමිනාශක ආදී ගුණ සහිතයි.
අතීසාරයට ගොඩපර කොළ සහ පොතු කෂාය බොන්නට දෙයි. විදුරුමසින් ලේ යාමේදී පොතු කෂායෙන් කට සේදිය යුතුය. ඇදුමට ගොඩපර කොළ යුෂ මී පැණි සමඟ දෙයි. උණට, විශේෂයෙන් පිත් කෝපයෙන් හට ගත් උණට සහ ඇදුමට ගොඩපර ගෙඩි යුෂ බීමට දෙයි. අස්ධි සන්ධි පැනීමේදී හා අස්ථි බිඳීමේදී ඇති වන අධික වේදනාව සමනය කිරීම සඳහා ගොඩපර ගෙඩි යුෂ ආලේප කරයි. හිසකෙස් ගැලවී යාම, හිස්හොරි සහ උකුණන් ආදියට ගොඩපරගෙඩි යුෂ හිස ගල්වා සොදා හැරිය යුතුය. ගොඩපර ගෙඩි, දෙහි, උළුහාල් සමඟ තම්බා හිස සේදීමෙන් උකුණන් බෝවීම මර්ධනය වේ. ගොඩපර ගෙඩි කීපයක් ගෙන හොඳින් කොටා සබන් මෙන් පෙණ නගින අයුරින් වතුර සමඟ කලවම් කර හිස කෙස්වල අතුල්ලා සේදීම කෙස් පිරිසිදු කර ගැනීමට භාවිතා කළ පැරණි ක්‍රමයකි.
ගොඩපර ලීය නිවාස සෑදීම ආදියේදී දැව අවශ්‍යතා සඳහා යොදා ගනී. ළපටි ගොඩපර මල් ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Saru FM Media