මුහුණ වගේම ගෙලත් ලස්සනට තබා ගැනීම අපේ වගකීමක්. ගෙලට හානි වී ගෙල අවපැහැ ගැන්වෙන හේතු කිහිපයක් තිබෙනවා.මුලින්ම ඒවා හඳුනා ගනිමු.
බෙල්ල රළු වීම.
ඇතැම් අයගේ මුහුණේ සම සිනිඳු වුවත්, බෙල්ලේ සම රළු ස්වභාවයක් ගන්නවා. මුහුණට කරන සත්කාර බෙල්ලට සිදු නොකිරීම මෙයට ප්‍රධානම හේතුවයි. දිනපතා මුහුණ පිරිසිඳු කළත්, බෙල්ල පිරිසිඳු කිරීම බොහෝ අය මඟ හරිනවා. ඔබ මුහුණේ සම ස්ක්‍රබ් කරන විට බෙල්ලත් ස්ක්‍රබ් කරන්න අමතක කරන්න එපා.
බෙල්ලේ සම රැලි වැටීම.
බෙල්ලේ සම රැලි වැටීමට විවිධ හේතු බලපානවා. බෙල්ල හොඳින් පිරිසිඳු නොකිරීම නිසා බෙල්ලට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ල රැලි වැටෙන්න පුළුවන්. මහත අයෙකු එක වර කෙට්ටු වීමෙනුත්, සමබල ආහාර වේලක් නොගැනීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබී යාමෙනුත්, ආහාර මාර්ගයේ ඇති රෝගී තත්ත්ව නිසාත්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීමෙනුත් බෙල්ලේ සම රැලි වැටෙන්න පුළුවන්.
රැලි වැටුණු බෙල්ලක රැලි අඩු කර ගැනීමට නම් සැර සබන් භාවිතය අවම කළ යුතුයි. බේබි සබන් හෝ ෆේස් වොෂ් යොදා බෙල්ල සේදීමටත්, මඳ උණුසුම් ජලයෙන් බෙල්ල තවා සම්බාහනය කිරීමෙනුත්, බෙල්ල සඳහා ව්‍යායාම් කිරීමෙනුත්, දින දෙකකට වරක් ඔලිව් තෙල් ගල්වා සම්බාහනය කිරීම මඟිනුත් බෙල්ලේ රැලි අවම කර ගන්න පුළුවන්.
බෙල්ලේ නහර මතු වීම.
බෙල්ලේ සම කළු වීම.
බෙල්ලේ අළුහම් ඇතුළු දිලීර රෝග ඇති වීම.
The post ගෙල හැඩට තියා ගන්න කැමති ඔබට.. appeared first on SmartLady.
Saru FM Media