තමන් නිවසන ගෙදර දොර ඉතාම අලංකාර විදිහට ප්‍රියමනාපව තබා ගැනීමට අපි කවුරුත් කැමැතියි. ඉස්සරට වඩා දැන් ගෙදර දොර හැඩකරන තීන්ත ආලේපන බහුල නිසා පාරිභෝගිකයන් විදිහට අපි කුමක් තෝරා ගන්නවාද යන ගැටලුවට මැදි වෙනවා. මෙහිදී අපි ඇසට ප්‍රියතාවයක් ඇති කරන වර්ණ ගැන මිස ඒවායේ සංයුතිය පිලිබඳව ඇත්තටම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවෙනුත් බලපාන හේතු තිබෙනවා. අපි කිසිම දිනක හිතන්නේ නැහැ මේ බිත්ති ආලේප කරන තීන්ත නිසා දරුවන් ලෙඩ දුකට නිරාවරනය වෙතැයි කියලා. ඒ නිසා වෙළදපොලේ සහ ප්‍රචාරණයන් මගින් ඔසවා තබන නිෂ්පාදන වෙනුවෙන් අපි නොදැනම ආකර්ශනයක් දක්වනවා.ඒ වුනත් ඔබ මින් ඉදිරියට තීන්ත තෝරා ගැනීමේදී මේ ගැනත් සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි.
අපේ නිවෙස්වල බිත්ති ආලේපන වෙනුවෙන් එනමල් සහ එමන්ෂන් යනුවෙන් තීන්ත වර්ග දෙකක් ඇති අතර අපි නොදැනම මෙම තීන්තවල ඇති ඊයම් විස රසායනයන්ට නිරාවරනය වීමෙන් ලොව පුරා මිලියන 40 ක් පමණ අනතුරට පත්ව සිටිනවා.
තීන්තවල අන්තර්ගත බැරලෝහ විදිහට සැලකෙන ඊයම් ප්‍රධානයි. ඊයම්වල අඩංගු සංයෝග අතරට ලේඩි ක්රෝමෙට් සහ ලේඩි කාබනේට් යන සංයෝග ඇතුලත් වෙනවා. බැරලෝහ ගැන කතා කිරීමේදී බොහෝ දෙනෙක් සායම්වලට නිරාවරනය වීම නිසා බැරලෝහ ශරීරගත වෙනවාය යන කරුණ දන්නේ නැහැ. ඒත් අපි තීන්ත තෝරා ගැනීමේදී උනන්දුවක් දක්වන්නේ පහත දැක්වෙන කරුණු ගැන නොවේද…?
තීන්ත ආලේපනයත් අද ඉතා වියදම් සහිත කටයුත්තක්. ඒ නිසා අපිට මාස හය හතකට වරක් නිවස ආලේප කිරීම අපහසු නිසා කල්පවතින තීන්ත ගැන පාරිභෝගිකයන් විදිහට උනන්දුවක් දැක්වීම සාධාරනයි.
තීන්ත තෝරා ගැනීමේදි ඉක්මනින් වියලීම ගැනත් අවධානය දැක්වීම ඉතාම වැදගත්.ඉක්මනින් වියලෙන තීන්ත ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ නිවසේ කටයුතු වෙනුවෙන් ඇති වෙන පහසුව නිසයි. ඒත් අපි මේ තීන්තවල ඇති ඊයම් සංයෝග ගැන උනන්දු වෙන්නේ නැහැ.
ජලයට නිරාවරන වීම නිසා ඇති වෙන මළ බැඳීම වලක්වන තීන්ත ගැන දක්වන උනන්දුව පිරිස් අද බහුලයි. පාරිභෝගිකයාගේ පැත්තෙන් එය සාධාරණ වුනත් ඊයම් සංයෝග නිසා වත් පැත්තකින් ඇති අහිතකර බව ගැනත් යම් අවධානයක් දැක්වීම වැදගත්.
තෙතමනයට ඔරොත්තු දෙන තීන්ත ගැන අපි උනන්දුවක් දක්වන්නේ වැසි ජලයට නිරාවරනය වීම නිසා ඇති වෙන බිත්තියේ ආරක්ෂාව ලබා ගැනීමට අවශ්‍ය නිසයි. ඒ වුනත් මේ පහසුකම තිබුනත් එයින් සිදු වෙන බැරලෝහ පිලිබඳ නිරාවරනය ගැන අපි එතරම් අනන්දුවක් දක්වන්නේ නැහැ.
තීන්ත ආලේපනයන්හි මතුපිට පෘෂ්ටයෙන් පොතු ගැලවෙන ස්වභාවයක් අපිට ඇතැම්විට දක්නට ලැබෙනවා. මේවායේ තිබෙන විෂ සංයෝග පරිසරයට එක්තු වීම නිසා අපි නොදැනම සිරුරට ඇතුල් වෙනවා. මේ විස සංයෝග ශරීරගත වීමෙන් පුසව දැක ගත හැකි රෝග ලක්ෂණ මෙසේය.
මෙම තත්වයන් තවදුරටත් පැවැතුනහොත් රක්ත හීනතාවය සහ වර්ධනයේ ආබාධ වැනි අහිතකර තත්වයන් පවා ඇති විය හැකියි.
ලැන්කර්ෂයර් රෝහලේ විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩීසන් විසින් පෙන්වා දෙන අන්දමට නිවස අලංකාරය වෙනුවෙන් යොදා ගන්නා තීන්ත ආලේපනයන්හි සංයෝග මගින් ඇදුම , චර්මරෝග පවා ඇති වීමට ඉතා ඉහල අවදානමක් තිබෙන බවයි.
මේ වෙනුවෙන් විකල්ප …..මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ තීන්ත තෝරා ගැනීමේදී විෂ සංයෝග නැති තීන්ත තෝරා ගන්න.
-Daily mail ඇසුරින්-
Saru FM Media