සමේ මැරණු සෛල ඉවත්කර දිදුලන පැහැපත් සමක් ලබාගන්න body scrub අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් වෙළඳපළේ ඇති body scrub මිලෙන් අධිකයි වගේම කල්තබාගන්කට යොදන රසායනික ද්‍රව්‍ය වලිනුත් අඩුවක් නැහැ.
ඔබට සංවේදී සමක් නම් තබෙන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනවලින් හැකි තරම් ඈත්වෙලා ඉන්න. ගෙදරදිම හොඳ body scrub හදාගත්තනම් කියල හිතෙනව නේද? ඒත් වෙලාව නෑ, බඩු හොයන්න බෑ කියල හිතෙනවද? එහෙනම් මේ homemade body scrub ඔබට හොඳින්ම ගැලපෙයි.
මනමත්කරවන කෝපි සුවඳින් යුත් මෙම scrubඑක cellulite සමඟ සටන්කරන්නට ඔබට උදව්වේවි.
අවශ්‍ය දේවල්:
සාදන අකාරය:
සියලුම ද්‍රව්‍ය වීදුරු බඳුනකට දමා හොඳින් මිශ්‍රකරගන්න.
මෙන්න චොකලට්වලට කැමති ඔබට ගැලපෙන scrubඑකක්. හැබයි කන්න නම් ටිකක් අමාරුවෙයි. චොකලට් සුවඳ පැතිරෙන මෙම scrubඑකට ඔබ අනිවාර්යයෙන්ම ආසවේවි.
අවශ්‍ය දේවල්:
සාදන අකාරය:
සුවඳ තෙල් හැර සියලුම ද්‍රව්‍ය වීදුරු බඳුනකට දමා හොඳින් මිශ්‍රකරගන්න. අවසානයට සුවඳ තෙල් එකතු කරගන්න.
කැමති නම් ශීතකරණයේ තබාගෙන ටික ටික භාවිතාකරන්නත් පුළුවන්. ඔබට දීප්තිමත් වගේම සුවඳවත් සමක් පහසුවෙන් ලැබේවි.
– කල්හාරී –
Saru FM Media