ගෙට පැන්න සොරා පියා හා පුතා හපා කා පලා යමින් සිටියදී බඩුත් සමග දැලේ

0
7

කිරිබත්ගොඩ ජාතික නිවාස යෝජනා ක්‍රමයේ නිවෙසකට ඇතුළු වී එහි ගොඩනැගිලි උපකරණ සොරකම් කොට නිවෙස් හිමියා හා පුතාව හපා කා බරපතළ තුවාල සිදු කර පලා යමින් සිටි පුද්ගලයෙක් කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ පිය පුතු දෙදෙනා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ හා රාගම රෝහල්වලට ඇතුළත් කෙරිණි.

පසුගිය සති අන්තයේ මේ නිවසේ නිවැසියන් නොමැති අවස්ථාවක් බලා එම නිවෙසට හොර රහසේ ඇතුළු වී එහි දොර හා ජනේලවල සවි කර තිබූ පිත්තල සරනේරු හා හුළං කොකු ගලවා ගෙන පලා යන විට නිවෙස් හිමියා හා පුතා පැමිණ සැකකරු අල්ලා ගැනීමට තැත් කර තිබේ.

මේ අවස්ථාවේ සැකකරු විසින් එම පිය පුතු දෙපල හපා කා පලා යන අතරතුරදී කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් ඔහු ලු‍හුබැඳ ගොස් සොරකම් කළ එම භාණ්ඩ හා මන්නා පිහි දෙකක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි හතලිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක(90071), කුලසිංහ(10789) හා අලු‍ත්ගේ(100478) යන නිලධාරීන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here