ගුවනේ පියඹා ගොස් කමිඳු රැකගත් 2025 IPL තරගාවලියේ සුපිරිතම උඩ පන්දුවට (වීඩියෝ)

0
5


මෙවර අයි.පී.එල් තරගාවලියේ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ (25) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මේ අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙක් රැකගත් විශිෂ්ඨතම උඩ පන්දුව රැකගන්නට හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

මෙම තරගයේ චෙන්නායි කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවව සිටි ඩිවෝල්ඩ් බ්‍රෙවිස් දවාගන්නට කමිඳු රැකගත් මෙම සුපිරි උඩ පන්දුව මේ වනවිට සමාජ මාධ්‍යයේ ද වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ඊයේ තරගයේ දී තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් වූ කමිඳු; තමන් රැකගත් ඒ සුපිරි උඩ පන්දුවත් සමඟ ප්‍රතිවාදී ඉනිමේ එක් කඩුල්ලක් සහ පිත්තෙන් ලකුණු 32ක් නොදැවී රැස්කරගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් ජයග්‍රහණයට ඉහළ දායකත්වයක් ලබා දුන්නා.





Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here