රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26,35 කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ 28,26 හැවිරිදි මාවතගම,රක්වාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද (07) දින උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානා දෙකක සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 15 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 560,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800 ක් සඟවා ගෙන සිටියදී සිය භාරයට ගත් බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්සඳහන් කළේ .
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගීන් සිව් දෙනා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.
Saru FM Media