ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී හය දෙනෙකුට දිවි අහිමි වෙයි

0
2


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී අද උදෑසන සිදු වූ අනතුරෙන් හය දෙනෙකු මියගොස් තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ යුද්ධ හමුදා විශේෂ බලකා සාමාජිකයන් සිව්දෙනෙකු බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම හෙලිකොප්ටර් යානය තුළ 12 දෙනෙකු රැඳී සිට තිබෙනවා. 

යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් පසු එහි සිටි සියලු දෙනාම බේරාගෙන පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 

යුද්ධ හමුදා විශේෂ බලකායේ විසිරි යාමේ පෙළපාලියක, පෙර පුහුණුවකට එක්ව සිටි අවස්ථාවේ එම යානය අනතුරට ලක්ව තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here