ගුවන් තොටේ වැසිකිළියක කෝටි ගාණක කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය

0
8

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, පිරිමි වැසිකිළිය තුළ දී අද (20) සොයාගෙන තිබේ .
රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිය බාරයට ගෙන ඇත .

කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 262 ක් එහි අඩංගු වූ බව වාර්තා වේ .

වැසිකිළිය පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු විසින් මෙම පාර්සල් කිහිපය දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

පසුව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here