ගුවන් ටිකට්පත් මිල ඉහළට

0
3

ලෝක වෙළෙඳපොළේ  ගුවන්යානා ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගුවන්යානා ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන්යානා ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වූ බව ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ ය.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 93 යි සත 57 ක් ලෙස පසුගිය 27 වැනිදා පැවති ගුවන් යානා ඉන්ධන බැරලයක්, අමෙරිකානු ඩොලර් 209 ක් දක්වා ඉහළ දමා ඇතැයි ඔහු විසින් සඳහන් කරන ලදි.

ගුවන්යානා ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගුවන් ටිකට්පත්වල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here