ගුවන්තොටේ ආරක්ෂකයෙක් රත්‍රන් පන්නලා !

0
6

රුපියල් මිලියන 210 කට ( කෝටි 21 ) අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග පවසන ආකාරයට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ආරක්ෂක නිලධාරියෙකි .

අදාළ පුද්ගලයා 54 හැවිරිදි අයෙකි . මෙම පුද්ගලයා කැරට් 24 රන් බිස්කට් කිලෝග්‍රෑම් 5.94 ක් සිය දෙපා වල සුක්ෂම ලෙසින් වෙළුම්පටි යොදා සිය දෙපා වල රඳවා මේස් පැලඳ මෙම නීති විරෝධී පිටකිරීමට උත්සහා දරා තිබේ . එහිදී , බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩල පිටවීමේ දොරටුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here