ගුලාබ් ජමුන් හදමු

0
9


අවශ්‍ය ද්‍රව්‍ය:

  • සීනි කෝප්ප 1
  • කොළ පාට කරදමුංගු
  • වතුර කෝප්ප 2
  • ලෙමන් බින්දු කිහිපයක්
  • කිරිපිටි කෝප්ප බාගයක්
  • පාන් පිටි තේ හැඳි එකක්
  • බේකින් සෝඩා ටිකක්
  • ගී ඔයිල්
  • කිරි හැදි කීපයක්
  • බැදීමට අවශ්‍ය තරමට තෙල්

සාදාගන්නා ආකාරය:

  • ගැඹුරු භාජනයක් අරගෙන එයට සීනි කෝප්පය, වතුර කෝප්ප 1 1/2, කරදමුංගු, ලෙමන් යුෂ එක් කරන්න.
  • ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තබා සීනි මිශ්‍රණය උණු කරන්න. මිශ්‍රණය ටිකක් ඇලෙන ගතියට එන තෙක් විනාඩි දහයක් පමණ උණු කරන්න.
  • වෙනම භාජනයකට කිරිපිටි කෝප්ප බාගය, පිටි සහ බේකින් සෝඩා අවශ්‍ය ප්‍රමාණය එක් කරන්න.
  • මෙම මිශ්‍රණය හැන්දකින් හොදට කලවම් කරන්න. ඊට පසු එයට ගී මේස හැන්දක් එකතු කරන්න .
  • මෙම මිශ්‍රණය හොඳින් අනාගන්න. ගී හොඳින් කිරිපිටි වලට උරා ගන්නාතෙක්ම මෙය අනාගන්න.
  • කිරි මේස හැදි දෙකක් කිරිපිටි සහ ගී මිශ්‍රණයට ඉසිමින් ඉක්මනින් මිශ්‍රකරන්න.
  • මෘදු මිශ්‍රණයක් එන තුරු කිරි එකතු කරමින් අනන්න.
  • අත් දෙකේ තෙල් ටිකක් තවරාගෙබ කිරිපිටි මිශ්‍රනයෙන් පළුදු නැති කුඩා බෝල සාදාගන්න. පළුදු වේ නම් කිරි ටිකක් එකතු කර මිශ්‍රණය නැවත මෘදු කර ගන්න
  • තෙල් හෝ ගී පොඩි භාජනයකට දමා ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තබාගෙන තෙල් රත් කරගන්න. තෙල් රත් වෙද්දී කිරිපිටි මිශ්‍රනයෙන් ටිකක් එයට දමන්න. එය පාට වෙනස්වීමකින් තොරව උඩට එනවා නම් තෙල් නියම ප්‍රමාණයට රත් වී අවසන්. දැන් සාදාගත් බෝල දෙක තුනක් තෙල් එකට දමන්න.ගින්දර අඩු කරන්න.
  • අඩු ගින්දරේ බැද ගන්න. විනාඩි දෙක තුනකින් පාට වෙනස් වීම ඇරඹෙනවා . මිනිත්තු හතක් පමණ ලා ගින්දරේ බැදගත් ගුලාබ් ජාමුන් තෙල් බේරෙන්නට තබන්න.
  • සීනි සිරප් විනාඩි දෙක තුනක් රත් කර ගුලාබ් ජාමුන් එයට දමා පැය දෙකක් පමණ පොඟවන්න.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here