ගුරුවරයෙක් විසින් කුඩා සිසුන්ට අමානුෂික ලෙස කළ පහරදීම පිළිබඳව විමර්ශනයක්

0
9


ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා .

කොළඹ අධ්‍යාපන කලාපයේ බාලක පාසලක පන්තිභාර ගුරුවරයකු විසින් තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට මෙලෙස ලෝහමය පටියකින් පහරදෙමින් දඬුවම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ .

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණා .

ඒ අනුව විමර්ශන ආරම්භ කළ ළමා ආරක්ෂක අධිකාරිය දඬුවමට ලක්වූ 7 හැවිරිදි සිසුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා .

සැකකාර ගුරුවරයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විටත් සැඟවී සිටින බවයි වාර්තා වන්නේ .

ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා .

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here