ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.
දෙහිඅත්තකන්ඩිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩකටයුතු සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහි කාර්ය මණ්ඩලය සමග සුහද සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
දුර ගමන් සේවා සඳහා බස් රථ කිහිපයක් යොදවා ඇති බවත් බස් රථ අලුත්වැඩියාව සඳහා කාර්මික ශිල්පින්ගේ හිඟයක් ඇති බවත් එහිදි කාර්ය මණ්ඩලය සඳහන් කළා.
ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
Saru FM Media