දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්වාධීන සහ ස්වයංමූල්‍යන ආයතනයක් ලෙස පිහිටුවා තිබෙනවා.
එම මධ්‍යස්ථානය මඟින් ඉටු කළ යුතු කාර්යයන් යාවත්කාලීන කිරීම සඳහා එහි කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ අනෙකුත් ආයතන හා සංවිධාන සමඟ හවුල්කාරිත්වයන් ස්ථාපිත කර ගැනීම යුනෙස්කෝ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බව සඳහන්.
ඒ අනුව, ගුණාත්මකභාවයෙන් හෙබි මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ නව පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම මඟින් කලාපීය සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම හා 2030 තිරසර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයේ දක්වා ඇති ඉලක්ක ඇතුළුව ජාතික සහ කලාපීය ක්‍රියාකාරී සැලසුම් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියානු කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබෙනවා.
යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
එකී ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
Saru FM Media