ගුජරාටි ක්‍රමයට සාරියක් අඳිමුද?

0
15


හැමදාම එකම විදිහට එකම විලාසිතාවකට සාරිය අඳිනවාට වඩා වෙනස් ක්‍රමයකට සාරිය අඳින්න පුළුවන් නම් එහි විවිධත්වයක් දකින්නට පුළුවන් වගේම විශේෂත්වයක් ද ඉස්මතු කර දැක්විය හැකියි. උත්සවයකට වෙනස් විදිහකට සාරියක් අඳින්න තිබුණා නම් හොඳයි නේද? එහෙමනම් අලංකාර ඉන්දියානු විලාසිතාවක් වන ගුජරාටි ක්‍රමයට සාරියක් ඇඳල බමුද?

මුලින්ම සාමාන්‍යයෙන් සාරිය අඳින ආකාරයට සාරිය යට සායට තබා යටකර කටු ගසාගන්න. දැන් එය බඳ වටා කරකවා ගෙන රැලි තබා ගන්න. ඉන්පසු දකුණු උරහිස ළඟින් ඉදිරියට එනසේ බෝඩරය ඉණට පහළින් එන ලෙස දමාගන්න. මෙහි පල්ලුව/හෙඩ්පීස් එක හොඳින් පෙනෙන සේ කුඩා රැලි තබා කටු ගසාගන්න. මෙම විලාසිතාව විලාසිතාව වඩාත් හොඳින් ඉස්මතුකර ගැන්ම සඳහා ඉන්දියානු හවඩියක් යොදා ගත හැකියි. වැඩි හැඩයක් මතුකර ගන්නට කැමති නම් සාමාන්‍යයෙන් සාරියට අඳින යට සාය වෙනුවට fish tail ක්‍රමයට සැකසූ යට සායක් භාවිතා කල හැකියි.

මෙවැනි ගුජරාටි විලාසිතාවක් විවාහ ගිවිස ගන්නා යුවතියකට, දෙවැනි ගමනට සැරසෙන මනාලියකටත් වැඩි ලස්සනක් සහ වැඩි පෙනුමක් ගෙන දෙනු ඇත. සාරියෙන්ම විලාසිතාවක් නිර්මාණය කරගැනීමට කැමති නම් බක්‍රම් එකක් යොදාගෙන සාරියට ගවුමක් ලෙස පෙනෙන ආකාරයට සකස් කර ගත හැකියි.

වෙනස්ම විලාසිතාවන්ගෙන් සැරසී සාදයකට යන්නට කැමැති ඔබටත් අනිවාර්යයෙන්ම මෙම සුන්දර සාරි විලාසිතාව කදිමට ගැළපේවි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here