ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

0
18


2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (06) රාත්‍රියේ සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 07කින් ජය ගනිමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස් කළා.

ජයග්‍රාහී ලකුණු 153ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

නායක ශුබ්මන් ගිල් පන්දු 43ක් තුළ නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 61ක්.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here