ගිලිහෙමින් යන සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරන බව ජනාධිපති කියයි

0
6


ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්. 

ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ. 

යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් කළ නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කළ හැකි බවද අවධාරණය කර තිබෙනවා. 
 

රටට අවශ්‍ය ආර්ථික, සමාජයීය සහ දේශපාලන පරිවර්තනයේදී නැණගුණයෙන් මෙන්ම යහගුණයෙන් පෝෂිත අනාගත පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් රජය විසින් සැලසුම් සකස් කර තිබෙන බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ. 

අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 
 

මේ අතර, අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ වංචා දූෂණ සිදු කරන පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බවයි.

Neth Sound · ANURA 01

මෙම වසර තුළ රටේ භාණ්ඩ හා සේවා අපනයනය කර වැඩිම ආදායමක් උපයා ගන්නා බවද ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් පැවසුවා.

Neth Sound · ANURA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here