ගිරිතලේ ගුරුවරයාට පාරේදී කනට ගහලා

0
5

මින්නේරියේ තරුණයෝ දෙදෙනා දැලේ

රාජකාරියට යෑම සඳහා බසයක් එනතුරු මහ පාරේ රැඳී සිටි ගුරුවරයකුට පහර දුන් තරුණයන් දෙදෙනකු ඊයේ (24 දා) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මින්නේරිය දහහතමාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වූ තරුණයන් දෙදෙනෙකි.

ඊයේ (24 දා) උදෑසන හතයි තිහට පමණ ගිරිතලේ ප්‍රදේශයේ විදුහලක වැඩ කරන ගුරුවරයා රාජකාරියට වාර්තා කිරීමට යාම සඳහා පොලොන්නරුව මාර්ගයේ රැඳී සිටි ඇති අතර ඔහු ඉදිරි පසින් යතුරුපැදියකින් ගිය තරුණයන් දෙදෙනකු යතුරුපැදිය මද දුරක් පදවා ගෙන ගොස් ආපසු හරවාගෙන පැමිණ ඇයි තමන්ට අත වැනුවේ යැයි අසා දබරයක් ඇති කරගෙන ඇත. දබර වෙන අතරතුර තරුණයන් දෙදෙනා ගුරුවරයාගේ කන ප්‍රදේශයට පහරදී ඇති බව පොලිසිය පවසයි.

ගුරුවරයා දැනට පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. දුමින්ද ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුමනරත්න මහතා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මින්නේරිය සුසිල් කරුණාතිලක සහ ඇළහැර නිශ්ෂංක වෙලගෙදර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here