පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කර, ඒ සදහා අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇත
මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති අතර එම නිවාස සදහා දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට ද නොහැකි වීම මෙයට හේතුව වී ඇත.
පසුගිය රජය විසින් අනුමත කරගෙන තිබුණු එම සහන ක්‍රමවේදය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු 2024.12.31 දින
වන විට විකුණුම් මිලෙන් සියයට 25 ක මුදලක් තැන්පත් තිබී ඇත.
මේ අනුව ව එම සහන ක්‍රමවේදය අහෝසි කර අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීම ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන ඇත.
මේ මන්ත්‍රීවරුන් 29 දෙනාට එම නිවාස ලබා ගැනීමේ දී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ ගැන පරීක්ෂණ සිදුකෙරෙන බව මේ ගැන මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media