ජාතිවාදී හෝ ආගම්වාදී අන්තවාදය ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ආගමික සහ ජාතිකත්ව සංහිඳියාව වෙනුවෙන් මානවවාදී ප්‍රවේශයක් සඳහා පුළුල් සංවාදයක් ඇති කිරීමට යූටියුබ් නාලිකා රැසක් එකමුතු සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ.
එහි ආරම්භක වීඩියෝව “බයට කරන Pod Cast 01” යනුවෙන් නම් කරමින් යූටියුබ් අවකාශයට මුදා හැර තිබේ. එහි මත දක්වන්නන් අවධාරණය කර සිටියේ අන්තවාදී, ජාතිවාදී හෝ ආගම්වාදී දේශපාලකයන්ට, පූජක පක්ෂයට, කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට එරෙහිව මතවාදයක් පොදු ජනතාව අතරට ගෙන යන බව ය.
මෙම එකමුතුවට ගුණේ අයියාගේ කාමරේ, නෙක්ස්ට් වොච්, භාරත තෙන්නකෝන්, Media.lk, සටහන රේඩියෝ, SL Vlog, Neon ඇතුළු යූටියුබ් නාලිකා රැසක් එක් වී සිටිති.
බයට කරන Pod Cast 01
1
Saru News
















