ගිනි අවි 04ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

0
15


විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු තන්තිරිමලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තන්තිරිමලය, මානෑව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවටගෙන ඇති සැකකරු 31 හැවිරිදි තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අරගලංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ, ලද තොරතුරක්මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකන්ද පොලිස් ස්ථානයවෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here