ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ විමසීමකදීයි ඔහු මේ බව පවසා සිටියේ.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, ගිනිඅවි භාර නොදුන් පුද්ගලයන් මේ වනවිට ජීවත්ව සිටිනවාද නැතහොත් ඔවුන් මෙරට තුළ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් සිටින බවයි.
එමෙන්ම ආයුධ භාර නොදීමට එරෙහිව ඔවුන්ට විරුද්ධව නීති මගින් කඩිනමින්ම කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා .
Saru FM Media