ගිනි අවි, උණ්ඩ, කුඩු සමග පාතාලේ තුනක් අත්අඩංගුවට

0
9


මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා ඥාතීන් බවද පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ගෑම් 500ක්, හොරෙයින් මත්ද්‍රව්‍ය ගෑම් 400ක්, T 56 උන්ඩ 10ක්, 9MM වර්ගයේ පිස්තෝලවලට යොදන ජීව උණ්ඩ 15ක්, රිවොල්වර ගිනි අවිවලට යොදන උණ්ඩ 25ක්, ගුවන් යානා නාශක උණ්ඩ 25ක් හා මැගසිනයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
විදේශ ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකට සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනකු මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව එම නිවස වැටලූ බව පොලිසිය කියයි.
එම නිවස තුළ සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් අතර නිවසේ කාමරයක සඟවා තිබූ ගිනි අවි, මත්ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here