විදේශගතව සිටිමින් මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයෙකු සමග සබඳතා පවත්වන බව කියන කාන්තාවක ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා පතොරොම් 113ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල හේකිත්ත ප්‍රදේශයේදී ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක ගෙලවැළලාගෙන මිය ගොස් සිටින බවට වත්තල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
වහා එහි ගිය පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ එම කාන්තාව මිය ගොස් නැති අතර සිහිසුන්ට සිටින බවයි.
ඒ අනුව කාන්තාව යළි සිහිගැන්වා තිබෙනවා.
ඇය පරීක්ෂා කිරිමේ දී අයිස් මත්ද්‍රව්‍ය 6g යි 100mg ක් හමුවීම හේතුවෙන් අතඅඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදීයි විදේශගත සැකකරු සුරක්ෂිතව තැබීම සඳහා ඇය වෙත ලබාදුන් බව කියන ගිණිඅවිය සහ පතොරොම් සොයා ගැනුනේ.
ඒ රාගම නිවසක සඟවා තිබියදියි.
එහි සිටි සැකකාරියගේ සැමියා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Saru FM Media