පොලිසිය භාරයේ තිබූ ගිනි අවියක් පිටස්තර පුද්ගලයෙකුට ලබා දීමේ සිද්ධියකට අදාලව පොලිසිය මග හැර සිටි කළුතර හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (11) සවස අධිකරණයට ඉදිරිපත්වූ අතර රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියම කළේය.
පොලිසිය තමා අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇති බැවින් අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසට අධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබූ පසුබිමකය. එය ඉදිරියේදී විභාගවීමට නියමිතව තිබුණි.
පොලිස් විශේෂ කා© බලකායට ලැබී තිබූ තොරතුරක් මත කළුතර නාගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කොට ගිනි අවි කීපයක් හා ජීව උණ්ඩ සමග ව්‍යාපාරිකයෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටී.
ඔහු සන්තකයේ තිබී අත් අඩංගුවට ගත් එක් ගිනි අවියක් දකුණු කළුතර පොලිසිය භාරයේ තිබූ ගිනි අවියක් බව අනාවරණයවූ අතර එය කළුතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් දකුණු කළුතර පොලිසියට භාරදී තිබූ එකකි.
පොලිසිය භාරයේ තිබූ ගිනි අවියක් පිටස්තර පුද්ගලයෙකුට ලබා දීමේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස කළුතර හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා නම් කරන බව කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් කුමාර මහතා මෙහිදී අධිකරණය හමුවේ කියා සිටියේය .
Saru FM Media









