උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග විවිධ ආකාරයේ අනතුරු හේතුවෙන් ඇසට සිදුවන අනතුරු වල වර්ධනයක් දැකිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
අනවශ්‍ය අවදානමක් ගැනීම සහ නොදැනුවත්කම ආදී දෑ මෙවැනි අනතුරු සඳහා හේතු වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
කිසි විටෙක කුඩා ළමුන් විසින් ගිනිකෙළි දැල්වීමක් නොකළ යුතු බවද සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම මත ගිනිකෙළි ද්‍රව්‍ය භාවිතා කළ යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා
නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතු බවද දැල්වීම සිදුකළ යුත්තේ විවෘත ස්ථාන වල පමණක් බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
Saru FM Media