ගිනිඅවි 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

0
1

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් හා පතරොම් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිස් වසමේ සාමගුලිය වැව අසල වගා ඉඩමක සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එහි වාඩියක් තුළ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක්, T56 පතරොම් 11ක්, M16 පතරොම් 03ක් හා HPMG පතරොම් 03ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු වේ.

අදාළ පුද්ගලයා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර තිස්සමහාරාම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here