ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

0
9

අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අවිය සැකකරු විසින් වෙනත් පාර්ශවයකට විකිණීමට සුදානම්ව සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here