ගිනිඅවියක්, ජීව උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නතර වී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල හේකිත්ත පාරේ නවාතැන් පොලක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී නවාතැන්පලේ කාමරයක නාන කාමරයක් තුළ සිහි මුර්ජාවී සිටි මෙම කාන්තාව හමු වී ඇත.
සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාව සිහිගන්වා ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග ඇයට සමීප සම්බන්ධයක් තිබී ඇති බවයි. තව දුරටත් පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්ෂා කිරීමේදි ඇය සතුව තිබූ එම අපරාධකරු විසින් ලබා දුන් බවට පැවසෙන T56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකි වී තිබේ.
එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක්ද පොලිසිය විසින් අඩංගුවට ගෙන ඇත.
එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සතුව තබා තිබී T56 වර්ගයේ ගිනි අවිය සහ එම උණ්ඩ 113ක් මැගසින් 04ක්, සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
Saru FM Media