ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළෙඳපොළට – ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ටත් රජයෙන් වැඩපිළවෙලක්!

0
16

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අද (21) දිනයේදී ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඊයේ (20) දිනයේදීද ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබුණු අතර සඳුදා සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර හෙට (22) දිනයේ ගෑස් මේට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ලබන 26 වැනිදා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක්ද 28වනදා මෙට්‍රික් ටොන් ටොන් 3700 ක්ද ගෑස් රැගෙන නෞකා මෙරටට පැමිණීමට නියමිතයි.

මේ වන විට වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් ද පවතියි.

එම ගෑස් සිලින්ඩරය මිලදී ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයා යම් මුදලක් ගෙවා ආරක්ෂණ තැන්පතුවක් සිදු කර ඇති බැවින් එම ජනතාවට ගෑස් සැපයීම, අදාළ සමාගමේ වගකීමවන අතර අර්බුද නිර්මාණය කර පරිභෝගිකයා පීඩාවට පත් කර, ව්‍යාපාරික වශයෙන් කූට වාසි ලබා ගැනීමට ගන්නා උත්සාහයන් වැළැක්වීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

එම පාරිභෝගිකයන්ටද ලිට්‍රෝ සමාගම ලබන මස 12 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමට හැකි වන පරිදි නිල් පාට සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම්කර ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.

The post ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළෙඳපොළට – ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ටත් රජයෙන් වැඩපිළවෙලක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here