ගෑස් මිල ඉහළ ගියේ මැදපෙරදිග යුද්ධය නිසා නෙවෙයි. සමාගම මාරු කරලා – සමඟියේ මහාචාර්යවරයෙක් කියයි!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රට තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇත්තේ මැදපෙරදිග යුද්ධය නිසා නොවන අතර එය ආණ්ඩුව ගත් තිරණයක ප්‍රතිඵලයක් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන පවසයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මේ බව පැවසුවේ සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී අද (06) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රට තුළ පවතින පහසුකම් පිළිබඳ සැලකීමකින් තොරව නව සමාගමකට ගෑස් ටෙන්ඩරය ලබා දීම හේතුවෙන් ගෑස් ප්‍රශ්නය මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

”ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ දමන්න වර්තමාන රජය කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ගෑස් මිල ඉහළ දැමිම මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවූවක් නෙවෙයි. රටට ගෑස් ප්‍රශ්නය බලපානු ලැබුවේ මැදපෙරදිග යුද්ධය ඇතිවීම පෙරයි. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව ගෑස් ගෙන්විම වෙනත් සමාගමකට භාර දෙන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ගෑස් ගෙන්වන සමාගමට ගෑස් ගෙන්වන්න අවශ්‍ය පහසුකම් තිබෙනවාද , ශ්‍රී ලංකාවට අඛණ්ඩව ගෑස් සැපයිමේ හැකියාවක් එම සමාගමට තිබෙනවාද , යන්න පිළිබඳව සොයා බැලීමක් රජය සිදුකරලා නැහැ. ඒ වගේම ගෑස් නැව්වල තිබෙන ගෑස් ගොඩබිමට ගෙන ඒම සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවාද යන්න පිළිබඳව කිසිදු විමර්ශනයක් නොකර අලුත් ගෑස් සමාගමකට ගෑස් ටෙන්ඩරය ලබා දෙන්න රජය කටයුතු කරනු ලැබුවා.

ඒ වගේම මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්දිය වසා දැමිමේ ඉඩ කඩක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාර්තු 3 වැනිදා ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දේවල් පිළිබඳව අවදානය යොමු කළේ නැහැ. නමුත් මේ වනවිට හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තිබෙන නිසා නැව් ගමනා ගමනයට බාධා ඇති වී තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ඉන්ධන බෙදා හරින ප්‍රබල සමාගම් සහ රටවල් සමඟ සාකච්ඡා කර ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශ පිළිබඳව ආණ්ඩුව අවදානයක් යොමු කළේ නැහැ.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

The post ගෑස් මිල ඉහළ ගියේ මැදපෙරදිග යුද්ධය නිසා නෙවෙයි. සමාගම මාරු කරලා – සමඟියේ මහාචාර්යවරයෙක් කියයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here