ගැළපෙන Hand bag එකක් තෝරා ගනිමු

0
11


විලාසිතා කරන්න කැමති කාන්තාවන් අතර අත් බෑගයට හිමි වන්නේ ඉහළ තැනක්. විලාසිතා  කරත් නොකරත් එහෙ මෙහෙ යන වෙලාවට, ඔෆිස් යන වෙලාවට අත් බෑගයක් නැතුවම බැහැ.

මේ ඔබට ගැළපෙන අත් බෑගයක් තෝරා ගන්න පුංචි tips කිහිපයක්.

අත් බෑගයක් තෝරා ගන්න හැම වෙලාවකම මේ කාරණා හතර ගැන හිතන්න.

ඔබ අඳින ඇඳුම, පළඳින පාවහන් සමඟ අත් බෑගයේ වර්ණ ගැළපීම ඉතා වැදගත්. කිසිසේත්ම නොගැළපෙන වර්ණයක් සහිත අත් බෑගයක් නිසා ඔබේ පෙනුම හා පෞරුෂත්වය හීන වෙන්න පුලුවන්. හැම විටම ගැළපෙන පාටක් තෝරා ගන්න.

ඒ වගේම කළු, අළු, දුඹුරු පැහැයකින් අත් බෑගයක් තෝරා ගත්තොත් ඔබට එය ඕනෑම ඇඳුමක් සමඟ ගළපන්න පුලුවන්.

මිල ඔබට දැරිය හැකි විය යුතුයි. එපමණක් නෙවෙයි මිලට සෑහෙන අත් බෑගයක් ද කියා සෝදිසි කරන්නත් අමතක කරන්න එපා. එය සාදා ඇති හම් වර්ගය හෝ රෙදි ගැන විමසිලිමත් වෙන්න.

ඒ වගේම තරමක හෝ හොඳ වර්ගයේ බෑගයක් මිලදී ගන්නට ඔබ පුරුදු වීම වැදගත්.ඒවාගේ කල්පැවැත්ම වැඩී. ඒ වගේම ඒ විලාසිතා තරමක කාල පරාසයකට වලංගුයි. ඔබට දිගු කලක් හොඳ අත් බෑගයක් පාවිච්චි කිරීමට මේ පුරුද්ද නිසා හැකි වෙනවා.

හැම විටම මේ දිනවල පවතින සහ ඔබට ගැළපෙන විලාසිතාවක් සහිත අත් බෑගයක් තෝරා ගන්න.

මේ දිනවල ප්‍රසිද්ධ විලාසිතා කිහිපයක්

 

ඔබට සිහින් හෝ කුඩා සිරුරක් තිබේ නම් විශාල අත් බෑගයක් පාවිච්චි කරන්න එපා.  දිගු පටි සහිත බෑග් ගැළපෙන්නේත් නැහැ.

ඔබ උස කෙට්ටු යුවතියක් නම්  ගැලපෙන්නේ එල්ලා වැටෙන ස්වරූපයේ උසට වඩා වැඩි පළලකින් යුතු අත් බෑගයක්.

ඔබ මහත සිරුරක් ඇත්තියක් නම් කුඩාම ප්‍රමාණයේ බෑග් භාවිතා කරන්න එපා.

ඔබ ලියකියවිලි එහෙ මෙහෙ ගෙන යනවා නම් එයට ගැළපෙන අත් බෑග්, ආහාර ඇසිරිය හැකි අත් බෑග් ආදී විවිධ අත් බෑග් වෙළඳ පොළේ පවතිනවා. ඔබේ අවශ්‍යතා මත මේවා තෝරා ගන්න.

ඒ වගේම විකාර බැජ් , අමුතු වැකි සහිත බෑග් තෝරා ගන්නත් එපා. එවැනි බෑග් වලින් ඔබට ලැබෙන්නෙත් විසිළු පෙනුමක්.

ඒ වගේම පිරිසිදු කිරීමට හැකි බෑගයක් භාවිතා  කරන්නට පුලුවන් නම් එය කදිම දෙයක්.සමහර  බෑග් ඉතා ඉක්මනින් කිළුටු වෙනවා. එවිට ඒවා ඉවත දැමීමට සිදු වෙන නිසා සෝදා පිරිසිදු කළ හැකි මාදිලියේ බෑගයක් තෝරා ගන්න අමතක කරන්න එපා.

– නිබන්ධිකා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here