ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ කොහොමද?

0
9


ගැස්ට්‍රයිටීස්, අද වෙද්දි වයස් බේදයක් හෝ කාන්තා පිරිමි බේදයක් නැතුව බොහෝදෙනෙක් පීඩාවට පත්කරන සෞඛ්‍ය ගැටළුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

ඕනෑම රෝගී තත්වයක් වගේම ගැස්ට්‍රයිටීස් වලින් ඇතිවෙන පීඩාව අඩු කරගන්නත් ඒ ගැන ඔබට නිවැරදි අවබෝධයක් තිබීම ඉතාම වටින කාරණාවක්. 

අන්න ඒ නිසා ගැස්ට්‍රයිටීස් ගැන ඔබ දැනගෙන ඉන්නම ඕන අත්‍යාවශ්‍ය කාරණා කීපයක් ඔබත් එක්ක කතා කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම්, අපි මුලින්ම බලමු ගැස්ට්‍රයිටීස් කියල හඳුන්වන්නෙ මොනවගේ සෞඛ්‍ය ගැටළුවක්ද කියල?  

ගැස්ට්‍රයීටීස් යනු කුමක්ද ?

අමාශයේ ඇති මෘදු පටක ස්ථරයේ ඇතිවිය හැකි දැවීමක්, අධික වේදනාවක් හෝ හානි වීමක් ගැස්ට්‍රයිටීස් කියල සරලවම හඳුන්වා දෙන්න පුළුවන්. 

අමාශයේ ඇති මෙම මෘදු පටක දිනපතා අපේ ආමාශය හරහා ගමන් කරන විවිධ අම්ල, එන්සයිම සහ ක්ෂුද්‍ර ජීවින්ගෙන් ඇතිවන බලපෑම අඩුකර ආමාශයට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනවා. 

යම් අවස්ථාවකදී, මෙම ආරක්ෂක පටකයට බාධාවක් හෝ තර්ජනයක් සිදුවෙන බව ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් හඳුනාගනු ලැබුවොත්, එම තර්ජනය සහ සටන් කිරීමටත් පටක නැවත යථා තත්වයට පත් කිරීමටත් ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟින් දැවිල්ලක් ඇති කිරීම සිදුකරන අතර එම දැවිල්ල ගැස්ට්‍රයිටීස් තත්වය විදිහට හඳුනා ගන්න පුළුවන්.

ගැස්ට්‍රයිටීස්, ක්ෂණිකව ඇතිවී කෙටි කාලයක් පවතින (කෙටිකාලීන/acute) අවස්ථාවන් වගේම ක්‍රම ක්‍රමයෙන් ඇතිවී දීර්ඝකාලීනව (නිදන්ගතව/chronic) පවතින අවස්ථාවනුත් දකින්න ලැබෙනවා. 

ඒ වගේම සමහර පර්‍යේෂණ වාර්තා හෙළි කරන අන්දමට ලෝක ජනගහනයෙන් භාගයකට ආසන්න සංඛ්‍යාවක් හෙලිකොබැක්ටර් පයිලෝරි (H. pylori) බැක්ටීරියාව හා සම්බන්ධ නිදන්ගත ගැස්ට්‍රයිටීස් තත්වයෙන් පෙළන බවත් අනුමාන කර තිබෙන නිසා මෙය අද වන විට ඉතාම සුලභව දකින්න ලැබෙන බවත් අපිට හඳුනාගන්න පුළුවන්. 

කෙටිකාලීන සහ දීර්ඝකාලීනව ඇතිවෙන ගැස්ට්‍රයිටීස් තත්වය හැරුනම ආමාශයේ ආරක්ෂිත පටකයට බලපාන ආකාරය අනුවත් ගැස්ට්‍රයිටීස් වර්ග 02 ක් හඳුනාගන්න පුළුවන්. 

ගැස්ට්‍රයිටීස් වර්ග 

Erosive gastritis

බලපාන හේතුව කුමක් වුවත් මෙම වර්ගයේ ගැස්ට්‍රයිටීස්, ආමාශයේ ආරක්ෂක ශ්ලේෂ්මල පටක මත තුවාල සහ වණ ඇතිකරනවා. 

Nonerosive gastritis

මෙම වර්ගයේ ගැස්ට්‍රයිටීස් හේතුවෙන් බඩේ කැක්කුමක් සහ ශ්ලේෂ්මල පටක තුනී වීමක් දකින්න ලැබුනත් තුවාල හෝ වණ ඇතිවීමක් දකින්න දකින්න ලැබෙන්නෙ නැහැ. 

මීට අමතරව ගැස්ට්‍රයිටීස් සඳහා හේතුවෙන කරුණු කාරණා මතත් වෛද්‍යවරුන් ආකාර කීපයකට ගැස්ට්‍රයිටීස් බෙදා දක්වන අයුරුත් අපිට දැකගන්න පුළුවන්. 

ඒවා ලෙස, 

මත්පැන් නිසා ඇතිවෙන ගැස්ට්‍රයිටීස් (Alcohol-induced gastritis)

ස්වයං ප්‍රතිශක්තීකරණ ගැස්ට්‍රයිටීස් (Autoimmune gastritis)

ඖෂධ වර්ග නිසා ඇතිවෙන ගැස්ට්‍රයිටීස් (Drug-induced gastritis)

ආසාදන නිසා ඇතිවෙන ගැස්ට්‍රයිටීස් (Infectious gastritis) සහ

ආතතිය නිසා ඇතිවෙන ගැස්ට්‍රයිටීස් (Stress-induced gastritis) ප්‍රධාන වශයෙන් හඳුනාගන්න පුළුවන්. 

හොඳයි, ඊළඟට අපි අපේ අවදානය යොමු කරමු ගැස්ට්‍රයිටීස් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියන කාරණාවට. 

ගැස්ට්‍රයිටීස් ඇතිවෙන්නෙ ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් අමාශයේ ශ්ලේෂ්මල පටක ආරක්ෂා කරගන්න දරන උපක්‍රමයක ප්‍රතිඵලයක් විදිහට කියල අපි මුලින්ම සඳහන් කරා ඔබට මතක ඇතිනේ. 

එහෙනම් දැන් අපි බලමු, අමාශයේ මේ ශ්ලේෂ්මල පටක වලට හානි වීමට විදිහට එහෙමත් නැත්නම් ගැස්ට්‍රයිටීස් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල? 

ගැස්ට්‍රයිටීස් ඇතිවීමට බලපාන හේතු 

දීර්ඝකාලීනව ඖෂධ භාවිතය, 

මත්පැන්, දුම්කොළ සහ කොකේන් අධික ලෙස භාවිතා කිරීම,

නැවත නැවත වමනය ඇතිවීම,



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here