ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට

0
2


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුණා. 

අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා. 

ඔවුන්ගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, එම සිරුරු ගොඩ ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් තිබූ අදාළ ලංගම බස් රථය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදි එලෙස අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. 

අනතුරින් තුවාල ලැබූවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ. 

තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය කියා සිටියා. 

බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවයි කොත්මලේ පොලිසිය සැකපළ කරන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here