ගැරඬිඇල්ල බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක් සූදානමින් තබන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා.
ඒ, අනුව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
අද (11) අලුයම සිදුවූ මෙම බස් රථ අනතුරින් තුවාල ලැබූ 35 කට අසන්න පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
Saru FM Media