කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද (11) අලුයම අනතුරට ලක් වුණා.
මෙම අනතුර පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රවාහාන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ කතානායක ජගත් වික්‍රමරත්න එම ස්ථානයට පැමිණ තිබෙනවා.
නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකය බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 19 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
තවත් පුද්ගලයින් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැක පළකරනවා.
.
Saru FM Media