ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරින් මිය ගිය පිරිස11 දක්වා ඉහළට

0
3


නුවරඑළිය – කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බවයි කොත්මලේ පොලීසිය පැවසුවේ.

අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසියවැඩි දුරටත් සඳහන් කර සිටියේ.

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ  කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්.

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here