ගැරඬිඇල්ලේ බස් රථ අනතුර ගැන සොයන්න පත් කළ කමිටුව අද අනතුර සිදු වූ ස්ථානයේ නීරීක්ෂණයක

0
2


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වනදා සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිලධාරින් අද අනතුර සිදු වූ ස්ථානයේ සහ අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිම සදහා කොත්මලේ ප්‍රදේශයට පැමිණියා. 

එම කමිටුව පත් කරන ලද්දේ වැඩබලන පොලිස් ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන්.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව්දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම බස් අනතුර සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පැමිණියේ ගම්පොල රෝහල වෙතයි. 

එහිදී අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි කොන්දොස්තරවරයා ඇතුළු රෝහල් ගතව ප්‍රථිකාර ලබන තුවාලකරුවන්ගෙන් සිද්ධියට අදාළ තොරතුරු ලබා ගැනීම සිදු කරනු ලැබුවා.

මෙම කමිටුව මගින් මූලික පැතිකඩයන් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරනු ලබන අතර අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, මෝටර් රථවාහන පරීක්ෂකගේ වාර්තා, විද්‍යාත්මක සාක්ෂි හා විශේෂඥ මත ඇතුළු සියලුම වාර්තා අධ්‍යනය කිරීමෙන් පසු අවසන් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.

Neth Sound · SSP MANATHUNGA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here