ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන හොයන්න පත්කළ පොලිස් කමිටුව වැඩ අරඹයි!

0
1


කොළඹ LNW:කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා (11) දින සිදු වූ බස් අනතුර පිළිබඳ විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පත් කළ කමිටුව අද (13) එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී සාක්ෂි සහ මෝටර් රථ පරීක්ෂණය පිළිබඳ අවසන් වාර්තාව ලබා දීමට බලාපොරොත්තු වන බවයි කමිටුව සඳහන් කරන්නේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂ කමිටුවට තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළත් ය.

මෙම ඛේදනීය සිදුවීමෙන් මේ වන විට මිය ගිය ගණන 23 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් 39 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලැබීය.

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ එම ලංගම බස් රථය කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුවිය.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here