ගැරඬිඇල්ලේදී තවත් විනාඩි දෙකක් තිබුණා නම්

0
3


කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඉකුත් 11 වන දින සිදු වු බස් රථ අනතුර සම්බන්ධයෙන් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වුණා. 

ඊට එක් වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී – ධාවන පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා මෙතෙක් සිදුකල පරීක්ෂණවලදී අනාවරණ වූ කරුණු පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 

Neth Sound · CTB CHANDRASIRI 01

අනතුර සිදු වූ අවස්ථාවේ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

Neth Sound · CTB CHANDRASIRI 02

මෙම මාධ්‍ය හමුවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එක් වුණා.

Neth Sound · BIMAL 01

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා.       

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදියි. 

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙනවා. 

එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අනතුරින් මිය ගිය පුද්ගලයන් 23 දෙදෙනා ජීවත් වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඬුවස්නුවර-බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත එම මුදල් නිකුත් කර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here