කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා අද ( 25 ) ප.ව. 2.00 ට කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ .
එම නිවේදනය අනුව , ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, අද ( 25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ .
එමෙන්ම , එසේ වර්ධනය වූ පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංග 10.9ත් නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථානගත ව තිබේ .
මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට ( 26 ) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ අනිද්දා ( 27 ) සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී , ඉන්පසුව එළඹෙන පැය 48 තුලදී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන්කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .
නැවත දැනුම් දෙනතුරු, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි .
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ඉල්ලා සිටියි .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් දක්වා ඇත්තේ ,
වැසි තත්ත්වය
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ
සුළං නිරිත හෝ බස්නාහිර දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
Saru FM Media










