ගැබිණියකට සමාජ රෝගයක් වැළඳුනොත් කුසේ සිටින දරු පැටියාට සිදු වන්නේ කුමක්ද?

0
19


දරුවෙක් ලෝකයට දායාද කරන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.අම්මා කෙනෙක් විදියට,ගැබිනියක් විදියට ඔබ කෙතරම් අරපරිස්සමින් කටයුතු කරනවාද යන්න රහසක් නොවෙයිඉතින් ඒ ආදරය ඒ අරපරිස්සම තව තවත් අර්ථවත් කිරීම තමා අපේ අරමුණ වන්නේ.

විවිධ ආබාධ සහිත දරුවන් බිහිවීමට විවිධ හේතුන් බලපාන බව අප දන්නවාඅනාරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් නිසා ඇතිවිය හැකි සමාජ රෝගද මේ සඳහා මුලිකව බලපාන දෙයක්ඉතින් ගැබිණි බව හා සම්බන්ධව වැඩි දෙනෙක් කතා නොකරන මේ මාතෘකාව ගැන කතා කරන්න ඕනා කියලා අප හිතුවා.

මේ කාලයේදී සමාජ රෝගයකට මුහුණ දීමට සිදුවීම ඉතාමත්ම අවදානම් සහගතයිඒ නිසා ලිංගික කාර්යන්හිදී සැමියා මෙන්ම බිරිඳද වගකීම් සහගත වීම ඉතාමත්ම වැදගත් වනවා. HIV, සිපිලිස්ටෝක්ලෝ පැස්මාහර්පීස්සිස්කාසයිටෝ මෙගලෝ වෛරස මෙලෙස ආබාධ ඇතිකරන ඒවා ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙය ඉතාමත්ම අවදානම් බවට ලෝකයම පිළිගෙන තිබෙන රෝගයක්ගැබිනිය එයට ගොදුරුවීම අතිශයින්ම අනතුරුදායක වනවාමේ මඟින් මලදරු උපත් සේම මාතෘ මරණද ඇති කරනවාදරුවාටද ආසාදනය වීමේ ඉඩ වැඩියිදැඩි අවදානම් වෛරස් රෝගයක් නිසා ප්‍රතිකාර ඵල රහිත විය හැකියිආසාධිත රුධිරය වැදෑමහ හරහා කලලයට පැමිණියොත් උපදින දරුවා ආබාධ සහිත දරුවෙක් වීමට තිබෙන ඉඩකඩ ඉතාමත්ම වැඩියි.

HIV තරමට අනෙක් රෝග කිසිවක් අවදානම් වෙන්නේ නැහැනමුත් අවදානම් සහිතයිනමුත් අනෙක් ඒවා අවදානම් රහිත බව නෙවේ ඉන් අදහස් වෙන්නේ.

පරෙස්සමඅවධානයඖෂධවෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර මඟින් සුව කල හැකියිනමුත් නිසි පරිදි ඖෂධ නොගතහොත් රුධිරය මඟින් වැදෑමහ හරහා කලලයට විෂබීජ ඇතුල් වෙන්නට පුළුවන්මෙය වර්තමානයේ බහුලව දකින්නට ඇති සමාජ රෝගයක්ඉහත සඳහන් කල සියලුම රෝග එලෙස සැලකිල්ලක් සහ නිවැරදි ප්‍රතිකාරයෙන් සුවකළ හැකි ඒවා.

ටොක්සො ප්ලාස්මා නම් සමාජ රෝගය හැදෙන්නේ ලිංගික එක්වීමකින් තොරවයිබොහෝවිට මවු වරුන්ට මෙය බෝ වන්නේ බළලුන් සුරතල් කිරීම නිසයිසුනඛයන්ගෙන්ද මෙය බෝවන නමුත් වැඩි ප්‍රතිශතයක් රෝගය ඇති වන්නේ බළලුන්ගේ අසූචි හරහා ඇතිවන විෂ බීජයක් නිසාවෙන්.

ඉතින් ඒ නිසාවෙන් මව මෙන්ම පියාත් මනා සැලකිල්ලකින් යුතුව තම ලිංගික හැසිරීම් පවත්වාගෙන යා යුතු වීම විශේෂයිවිශේෂයෙන්ම තුන්වෙනියෙකුට නොදරුවෙකුට එය සම්ප්‍රේෂණය විය හැකි වීම නිසාවෙන් සහ ඔහුගේ මුළු ජිවිතයම ඉන් අඳුරු විය හැකි නිසා .

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here